Sunday, December 13, 2020

රාගී සොඳුරිය

ඇන්ද රූ පා වෙලා සුළගේ
වින්ඳ සුව ගිලිහිලා අඳුරේ 
සිතින් ඇලී යා වෙලා සයනේ
නුඹත් ගියා නොකියාම රහසේ

අමනාපකමක් තිබුනාද හිර ගේ
ඩා දියෙන් පෙඟී ගැළුවාද නාඹියේ
අන්ධකාර සුව පාට ගෑවාද සිවිලිමේ
ඉඩ මදි වුනිද යහනේ රාගී සොඳුරියේ

උර පළල් නැතිවද ළය ගින්න මදිවද
ප්‍රේමයෙහි ගී රස නැතිව වින්ඳද 
අමනාපකම් ඇයිද තවමත් හිතේ
පාරා හිත් වණය නොකියාම යන්න යනවාද ....

-Udara
09/09/19