Sunday, December 13, 2020

රාගී සොඳුරිය

ඇන්ද රූ පා වෙලා සුළගේ
වින්ඳ සුව ගිලිහිලා අඳුරේ 
සිතින් ඇලී යා වෙලා සයනේ
නුඹත් ගියා නොකියාම රහසේ

අමනාපකමක් තිබුනාද හිර ගේ
ඩා දියෙන් පෙඟී ගැළුවාද නාඹියේ
අන්ධකාර සුව පාට ගෑවාද සිවිලිමේ
ඉඩ මදි වුනිද යහනේ රාගී සොඳුරියේ

උර පළල් නැතිවද ළය ගින්න මදිවද
ප්‍රේමයෙහි ගී රස නැතිව වින්ඳද 
අමනාපකම් ඇයිද තවමත් හිතේ
පාරා හිත් වණය නොකියාම යන්න යනවාද ....

-Udara
09/09/19

Saturday, April 25, 2015

සිංහ-ලේ

සිටියි හෙල ලේ ඇති
දනන් ලොවේ..
දෙකන් දෙනත් පියන්
ශරීරයම බැද දමා..
කෙල වී යයි
දිනෙන් දින
හෙල ලෙයටම..
ඇරපියව් ඇස්
බිදපියව් බැම්
කෙල වී යන හැටි
බලපියව්
සිංහ ලේ
සදකඩපහණට..
 කේසර සිංහ


ලේ ඇති සිංහ
රත් වෙන යසට
ඉන්න බැරි බලාන
එවුන් පලයව් සබාවට
නැගපියව් වේදිකාවට
ගහපියව් කෑ සිංහ නාදෙන්
පුපුරා යනතුරු
පපු කැවුතු
රෙද්දෙ ජාතිය
මතක් වෙනතුරු
කෑ ගසා කියපියව්
ජාතියේ වේදනාව
බැරි වුන් අහන් ඉන්නට
මැරී පලයවු අපායට

 @පසී

Tuesday, April 21, 2015

      

      බෝගම්බර පෙම්වතා




බිත්ති හතර ඇතුලත
කලුවර ඔච්චම් කරන්නෙ
උබට නොවේ..
උබ අහිමිව ගිය මට..
ඇතුලෙ සිටින මදාවි රැල
රැග් දෙන්නෙ...
උබ මට අහිමි වූ සතුටට..
කුඩු ටික සුර ලෝකෙ වූ මට..
ආදරයේ ස්වර්ගය පෙන්වූ දේවතාවිය..
ඔබමැ ජීවිතේ..
ඔබමැ සාගරේ...
එහෙත් මේ කාලකන්නියා හට..
උබේ ආදරේට වඩා..
සුර ලෝකෙ ලොකු වුනේ..
මගෙම කරුමෙට බව..
තේරුම් යනවිට..
උබ බොහෝ දුර..
සක්මන් කර ඇති බව..
මට පසක් වෙන්නේ..
බිත්ති හතරේ නුබ වෙනුවෙන්.
ලියැවුනු අගුරු කුරුටු ගී
දකින විටයි..
උබ මේ ආත්මෙ මගේ
දේවතාවිය..
ලබන ආත්මෙවත්..
මගෙ ලමයින්ගෙ අම්ම වනතෙක්..
පෙරුම් පුරමි පවු අතහැර.......

       


             
                     සදකඩපහනක වගතුග



                               

බෞද්ධ විහාරස්ථානයකට එසේත් නැතිනම් දේවාලයකට ආදි ආගමික ස්ථානයකට ඇතුලු වන තැනම දක්නට ඇති ගලා පුවරැව ඔබට මතකද? අඩසදක ස්වරෑපයෙන් බොහෝවිට දිස්වන පඩිපෙළ පාමුල පිහිටි මේ ගල් පුවරැව මතින් ආගමික සිද්ධස්ථානයකට ඇතුලු වුවද ඔබ ඇත්තෙන්ම මේ ගල් පුවරැව පිළිබදව එතරම් සැලකිල්ලක් දක්වන්නට නැත.

හෙත් අවදානයෙන් යුතුව සදකඩපහනක් දෙස බලන ඔබහට එහි කැටයමෙහි ඇති අසිරිය විශිෂ්ටත්වය පිළිබදව ඔබට පුදුම සිතෙනු ඇත.
භාරතීය මව් ආභාසයෙන් සිරිලකට දායාද වූයේ වුව එකී මවි ආභාසය පරදවමින් කැටයමින් විභූෂිත අපූර්වතම සදකඩපහන් ලාංකීය කලා කෙතට දායාද කරලීමෙහිලා මෙරට කැටයමිකරැවා දැක්වූ සුක්ෂ්මතාවය අගය කළ මනාය.

මෙහිදී සදකඩපහන හැදින්වීමට විවිධ කාල වකවානුවල දී යොදාගත් නම් පිළිබද කාල වකවානු වලට අයත් සාහිත් ග්රන්ථයන් විමසීමේදී අපට දැක ගන්නට ලැබේ.
උදාහරණ ලෙස සෝපාන, අඩ්ඪ වන්ද පාෂාණ, සදපහන, අඩසදපහන, පටිකය, අඩ්ඪ චන්දපදගන්ටික යනාදි නම් දැක්විය හැක. ලාංකිකයා ආභාසය ලද භාරතයේ උපන් සදකඩපහන අඩ පියුමකින් පමණක් යුතු වෙයි. අනුව මෙරටෙහි දක්නට ලැබෙන මුල්ම සදකඩපහන් එසේම වේ.එම සදකඩපහන් චතුරස්රාකාර ගල් පුවරැවකින් යුතුවන අතර ක්රමික විකසනයත් සමග අඩසදක ස්වරෑපයට පත් වේ.

සදකඩපහන පාපිස්සක් ලෙසට භාවිත වූයේ යැයි පැවසිය හැක්කේය.මෙහිලා භික්ෂූන් වහන්සේලා පෞරාණික විහාරස්ථාන වලට ඇතුල්වීමේදී ඇතුලු වන ස්ථානයේ තනා තිබුණුසෙල්මුවා තාලි වලින් පා දෝවනය කරගෙන සදකඩපහනින් පා පිසදා විහාරයට ඇතුලුවීම ඊට සාක්ෂි සපයයි.
කෙසේවුවත් ක්රමයෙන් සදකඩපහනට එක්වන කැටයම් අතරගිනිදැල්,ඇත්,අස්,ගව,සිංහ යන සත්ත්ව රෑප,ලියවැල්,පියුම් හොටෙන් ගත් හංසයන්,පලා පෙති,නෙලුම් මල යනාදිය දැකිය හැක.අනුරපුර අගභාගය වන විට අංග සම්පුර්ණ සදකඩපහනක් මේ සියලු කැටයම් සහිතව බිහි වේ.
අනුරාධපුර යුගයෙහිදී අනුරපුර ජය සිරිමා බෝධිය,අනුරාධපුර බිසෝ මාළිගය,රැවන්වැලි සෑය ඇතුලු අටමස්ථාන වලින් විශිෂ්ට සදකඩපහන් දැකිය හැක.
පොළොන්නරැ යුගය වන විට සදකඩපහනෙහි කැටයම් තවදුරටත් සංකීර්ණ වන අතර හින්දු ආගමික බලපෑම මත ගවයා සදකඩපහනෙන් ඉවත් වේ.

පොළොන්නරැ යුගයට අයත් සදකඩපහන් මැදිරිගිරිය,වටදාගේ,හැටදාගේ යන ස්ථාන වලින් අපට හමු වේ.එමෙන්ම පොළොන්නරැ යුගයේ අවසාන භාගයේ සිට මෙරටට එල්ල වන චෝළ ආක්රමණ,බටහිර ජාතීන්ගේ ආක්රමණ මත ලංකාවේ කැටයම් මූර්ති ආදි සකලවිධ අංග වල ඇති වන පරිහානිය සදකඩපහනෙන් දිස් වේ. අනුව කුරැණෑගල,ගම්පළ යුගවලදී සදකඩපහනේ ස්වරෑපය සපුරා වෙනස් වේ.උදාහරණ ලෙස:බදුල්ල කතරගම දේවාලය,මහනුවර දළදා මාළිගය,දෙවුන්දර විහාරය,හොරණ රජ මහා විහාරය දැක්විය හැක.