Tuesday, April 21, 2015

      

      බෝගම්බර පෙම්වතා




බිත්ති හතර ඇතුලත
කලුවර ඔච්චම් කරන්නෙ
උබට නොවේ..
උබ අහිමිව ගිය මට..
ඇතුලෙ සිටින මදාවි රැල
රැග් දෙන්නෙ...
උබ මට අහිමි වූ සතුටට..
කුඩු ටික සුර ලෝකෙ වූ මට..
ආදරයේ ස්වර්ගය පෙන්වූ දේවතාවිය..
ඔබමැ ජීවිතේ..
ඔබමැ සාගරේ...
එහෙත් මේ කාලකන්නියා හට..
උබේ ආදරේට වඩා..
සුර ලෝකෙ ලොකු වුනේ..
මගෙම කරුමෙට බව..
තේරුම් යනවිට..
උබ බොහෝ දුර..
සක්මන් කර ඇති බව..
මට පසක් වෙන්නේ..
බිත්ති හතරේ නුබ වෙනුවෙන්.
ලියැවුනු අගුරු කුරුටු ගී
දකින විටයි..
උබ මේ ආත්මෙ මගේ
දේවතාවිය..
ලබන ආත්මෙවත්..
මගෙ ලමයින්ගෙ අම්ම වනතෙක්..
පෙරුම් පුරමි පවු අතහැර.......

       

No comments:

Post a Comment